මන්නාරමේ දරුවන් අටක් ලෙඩ වේ


මන්නාරම මඩු තච්චනාමරදමඩු ප්‍රදේශයේ පාසල් දරුවන් අට දෙනකු අසාද්මිකතාවකයක් හේතුවෙන් මන්නාරම රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

මෙම දරුවන් කිසියම් ඇට වර්ගයක් ආහාරයට ගැනීමෙන් මෙසේ සිදුවන්නට ඇතැයි වෛද්‍යවරු සැක පළ කරයි.

රෝගී වූ දරුවන් අතර දැරියන් හත් දෙනකු ද වන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.

නව හැවිරිදි වියේ පසුවන මෙම දරුවන් මඩු ප්‍රදේශයේම පදංචි කරුවෝ වෙති.