රොමේෂ් මධුෂංඛ
මන්නාරම සතොස ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ වැඩිදුරටත් සිදුකළ කැණීම් වලදී මිනිස් හිස්කබල් 53 කට අයත් අස්ථි කොටස් ප‍්‍රමාණයක් සොයා ගත් බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්.රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
මන්නාරම මහෙස්ත‍්‍රාත් ටී.ජී.ප‍්‍රභාකරන් මහතාගේ අධීක්ෂණය යටතේ සතොස ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ දී මෙලෙස කැණීම් සිදුකරනු ලැබීය.
සමූහ මිණි වලෙන් මතු වූ මිනිස් සිරුරු එක ළඟ තැන්පත කර ඇති අයුරු පෙනෙන සිරුරු කොටස් මතුව ඇති අතරම සිරුරු 53ක් මේ වන විට සිරුරු 34ක් කැණීම් කර ඉවත් කළ ඇති අතර ඉවත් කරන ලද සිරුරු කොටස් මුද්‍රා තබා මන්නාරම් අධිකරණයේ තැන්පත් කර ඇති බවටද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
මෙතෙක් කැණීම් සිදු කරන ලද ස්ථානයට එපිටින් වූ අනෙකුත් ස්ථානවල කැණීම් කටයුතු ද දෙවැනි අදියර යටතේ ආරම්භ කර ඇති අතර පසුගිය මාර්තු 25 වැනි දා කොන්ත‍්‍රාත්කරුවන් පිරිසක් මන්නාරම නගරයේ පැරණි සතොස ගොඩනැගිල්ල කඩා දමා එහි නව ගොඩනැගිල්ලට අත්තිවාරම් කපමින් සිටියදී පස් සමඟ මිනිස් අස්ථි කොටස් මතුවීමත් සමඟ මෙම කැණීම් කටයුතු ආරම්භ කරනු ලැබීය.
අත්තිවාරම කපන විට එහි තිබූ පස් ඉවත් කිරීම සඳහා මන්නාරම එමිල්නගර් හි පදිංචි වැසියකු තම නිවස වෙත ටිපර් රථ යොදාගෙන ගෙන පස් රැගෙන ගොස් තිබු අතර එහි තිබූ අස්ථි කොටස් දැක මන්නාරම පොලිසිය වෙත කළ දැනුම් දීමක් අනුව පරීක්ෂණ ආරම්භ කෙරිණි.