(සුජිත් හේවාජුලිගේ)
මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණය කර ඇති තරමක විශාල බැර කුඩා නිධියෙහි මෙගොවොට් 2000 ක විදුලි බලාගාරයකට අවුරුදු 30ක කාලයක් ක්‍රියාත්මක කළ හැකි ස්වාභාවික වායු ඝණ අඩි කෝට් ලක්ෂය ඉක්මවන ප්‍රමාණයක් පවතින බව අලුත්ම ගවේෂණයකදී තොරතුරු අනාවරණය වී ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
මෙයට අමතර මන්නාරම් ද්‍රෝණියේ තරමක කුඩා ප්‍රමාණයෙන් යුතු ‘‘ඩෝරාඩෝ‘‘ නිධියෙහි මෙගොවොට් 630ක ධාරිතාවයෙන් යුතු විදුලි බලාගාරයක් අවුරුදු 10ක පමණ කාලයක් ක්‍රියාත්මක කළ හැකි ස්වාභාවික වායු ඝණ අඩි කෝටි 30,000ක් පමණ පවතින බවටද තොරතුරු හෙළිවී තිබෙන බව අමාත්‍යාංශයේ නිලධාරීයෙක් ‘‘ලංකාදීපයට‘‘ පැවැසීය.
ගවේෂණය කර ඇති තෙල් හා ගෑස් නිධි ජාත්‍යන්තර තරගකාරී ලංසු කැදවීමේ ක්‍රමවේදය හරහා වාණිජ්‍ය කරණය සඳහා කටයුතු කරගෙන යන බවද එම නිලධාරියා කීවේය.
අනෙක් ප්‍රදේශවල තෙල් හා ගවේෂණ කටයුතු බහුසේවා පදනම මත විදේශ අයෝජකයින් සමඟ සම්බන්ධවී කරගෙන යන බව අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අලුත්ම කාර්ය සාධන වාර්තාවේ සඳහන් වේ.