මන්නාරම වළේ සිරුරු 53ක කොටස්


මන්නාරම තිරුකතේෂ්වරන් සමූහ මිනීවළෙන් අද වන විට මළ සිරුරු 53ක කොටස් සොයා ගෙන ඇතැයි මන්නාරම පොලිසිය කියයි.

මන්නාරම මහේස්ත්‍රාත් ආනන්දි කනගරත්නම් මහත්මිය, අනුරාධපුර රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය දොස්තර ජී එල් වෛද්‍යරත්න මහතා , රජයේ රස පරීක්ෂක, පේරාදෙනිය විශ්ව විද්‍යාලයයේ භූ විද්‍යා හා පාංශු පරීක්ෂණ විශේෂඥයන්ගේ ද මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ හා රහස් පොලිසියේ ද සුපරීක්ෂණයෙන් කැනීම් කරති.

දෙසැම්බර 20 වැනි දා සිට මේ කැනීම් සිදුවෙයි.