මන්නාරම මිනී වළේ කැනීම් දිගටම


මන්නාරම තිරුකතීෂ්වරම්  කොටි කඳවුර තිබු ස්ථානයේ දින නවයක කැණීම්වලින් පසුව සිරුර 39 ක ඇටකටු සොයා ගත් බව පොලීසිය කියයි.

මේ කඳවුර පිහිටායේ මන්නාරම නගරයේ සිට කිලෝමීටර් 25 ක් ඈතිනි.

කැනීම් යළි සඳුදා ඇරැඹිමට නියමිතය.

දැනට සොයාගත් ඇටකටු හා හිස් කබල් කිහිපයක ස්වරූපය අනුව වද දී මරා දමන්නට ඇතැයි බැලු බැල්මට පෙනෙන්නට ඇතැයි  පොලිස් නිලධරයෝ  කියති.

විශේෂඥ අධිකරණ වෛද්‍ය ධනංජය වෛදයරත්න මහතා ද පුරා විද්‍යා නිලධරයෝ ද කැනීම් සිදු කරති.