(නිශාන්ත කුමාර)
කන්දකැටිය 21 හංදිය ප්‍රදේශයේදී දෙපිරිසක් ඇතිවූ ගැටුමක් අතරතුරදී මන්නා පිහියකින් කැපීමෙන් බරපතල තුවාල ලැබූ කන්දකැටිය හා මාලියද්ද ප්‍රදේශවල තරුණයින් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
තුවාලකරුවන් මීගහකිවුල හා කන්දකැටිය ප්‍රාදේශීය රෝහල්වලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට මාරුකරනු ලැබ සිටිති.
පෞද්ගලික ආරවුලක් ගැටුමට හේතුවී ඇති අතර වයස අවුරුදු 29ක හා 33ක තරුණයින් දෙදෙනකු සිද්ධියෙන් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

