මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න පාර්ලිමේන්තුවට ඇමතිවරු පැමිණ නෑ


(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සඳහා අදාළ ඇමතිවරුන්  පැමිණ නොසිටීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු විරෝධය  පළ කළහ.

මන්ත්‍රීවරුන් අද (5) දිනය සදහා ඉදිරිපත් කර තිබූ ප්‍රශ්න 15 න් එක් ප්‍රශ්නයකට හෝ මෙහිදී පිළිතුරු නොලැබිණි.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී එස්.එම් මරික්කාර්, එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන දයාසිරි ජයසේකර, ආනන්ද අලුත්ගමගේ, ජ.වි.පෙ මන්ත්‍රී බිමල් රත්නායක යන මහත්වරු මේ සම්බන්ධයෙන් විරෝධය දැක්වූහ.