(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
මහජන නියෝජිතයන් වශයෙන් මන්ත්‍රීවරුන් තම තමන්ගේ ගෞරවය රුක ගැනීමට කටයුතු කළ යුතුයැයි සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.
බැදුම්කර සිද්ධියට සම්බන්ධව පාර්ලිමෙන්තු මන්ත්‍රීවරු 118 දෙනෙක් ගැන කතාව පුන පුනා කියමින් ඒ ගැන හාරා ඇවිස්සීම තුළ අපකීර්තියට පත්වන්නේ මන්ත්‍රීවරුන්ම බව පැවසු ඇමතිවරයා 118 කතාව මිථ්‍යාවක් බවද එවැන්නක් සඳහන් වන්නේ කොතනදැයි ද විමසීය.
මාතර දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සභානායකවරයා ඒ බව පැවසීය.