
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආර්ථිකය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නගන ප්‍රශ්නවලට පිළිතුරු ලැබීමට ප්‍රමාද වන්නේ නම් තම නියෝජිතයින්ට පාර්ලිමේන්තුවට පැමිණ පිළිතුරු ලබා දිය හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදීය.
මෙහිදී අදහස් දැක්වූ එම කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා පැවසුවේ මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේදී මූල්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් උද්ධමනය හෝ විනිමය අනුපාත සම්බන්ධයෙන් ප්‍රශ්න කළ විට පිළිතුරු නොලැබෙන බවයි.
ඊට හේතුව පාර්ලිමේන්තුවේ මහ බැංකුවේ නියෝජනයක් නැතිකම බවද ඔහු සඳහන් කළේය.
මීට පිළිතුරු දුන් මහා බැංකු අධිපතිවරයා පැවසුවේ ආරාධනයක් කරන්නේ නම් පාර්ලිමේන්තුවට පැමිණ පිළිතුරු ලබාදීමට සූදානම් බවයි.
මහ බැංකුව සම්බන්ධ ගැටළුවලට නිසි වෙලාවට පිළිතුරු යොමු කරන බව පැවසූ වීරසිංහ මහතා මන්ත්‍රීවරුන් අහන ඇතැම් ප්‍රශ්න අදාළ වන්නේ මහ බංකුවට පමණක් නොවන බවද සඳහන් කළේය.
ඒවා මහ බැංකුව හා මුදල් අමාත්‍යාංශය ඇතුළු ආයතනවලට අදාළ වන බවත් ඒ සියලු ආයතනවලින් ලබා ගන්නා පිළිතුරු එකතු කර වාර්තාවක් සම්පාදනය කර අදාළ අමාත්‍යවරයාට දෙන බවත් මහ බැංකු අධිපතිවරයා කීවේය.

