මන්ත්‍රීලාගේ ආරක්ෂාව කතා කරන්න පොලිස්පති පාර්ලිමේන්තුවට




(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කතානායකවරයා සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද  පැවැත්වේ.

මේ සාකච්ඡාව සඳහා සහභාගි වීමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාද  මීට ස්වල්ප මොහොතකට පෙර පාර්ලිමේන්තුවට  පැමිණියේය.

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පොලිස්පතිවරයා පාර්ලිමේන්තුවට කැඳවන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කතානායකවරයාගෙන් පසුගියදා ඉල්ලීමක් කළහ.