(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේදී ඊයේ (11) පෙරවරුවේ පැවැති ව්‍යවස්ථා සභා රැස්වීම විනාඩි හතරකින් අවසන් කෙරිණි.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව පිළිබඳ කල්තබන ලද විවාදය ඊයේ දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ අතර එම විවාදයේ කථික ලැයිස්තුවට ඇතුළත් වූ කිසිදු මන්ත‍්‍රීවරයකු පැමිණි නොසිටියෙන් රැස්වීමේ කටයුතු අවසන් කිරීමට ව්‍යවස්ථා සභාවේ සභාපති කතානායක කරු ජයසූරිය මහතාට සිදුවිය.පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ වී පෙරවරු 11.28 දක්වා පැවැති අතර ඉන්පසු මද වේලාවකින් පෙරවරු 11.30 ට කථානායක කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් ව්‍යවස්ථා සභාව රැස්විය.
එහිදී සභාපතිවරයා විවාදය ආරම්භ කිරීම සඳහා ප‍්‍රථමයෙන් ඒකාබද්ධ විපක්ෂයේ එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ නම ප‍්‍රකාශ කළ අතර ඔහු නොසිටි බැවින් අනෙකුත් කථිකයින්ට පිළිවෙළින් ආරාධනා කළේය.
එහෙත් සභාපතිවරයා නම් සඳහන් කළ ආණ්ඩු පක්ෂයේ මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේද කිසිඳු මන්ත‍්‍රීවරයකු සභා ගැබ තුළ නොවිණි.
සභාපතිවරයා සඳහන් කළ කථිකයින් අතර එස්.එම්. චන්ද්‍රසේන, මයන්ත දිසානායක, රවින්ද්‍ර සමරවීර, අනෝමා ගමගේ, චතුර සේනාරත්න, හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර, ලකී ජයවර්ධන, වජිර අබේවර්ධන සහ අමිර් අලි යන මහත්ම මහත්මීහු වූහ.
මෙම විවාදය ඊයෙ පෙරවරු 11.30 සිට පස්වරු 6.30 දක්වා පැවැත්වීමට නියමිතව තිබිණි.

