මන්ත්‍රීට පහර දුන්නැයි විරෝධතා


(දිලීප් ජයසේකර)
 
දකුණු පළාත් සභා මන්ත්‍රී සුජිත් මුතුකුමාරණ මහතාට පොදු ජන පෙරමුණේ අපේක්ෂකයකු පහරදුන්නැයි විරෝධය පළකරමින් සුරියවැව පොලීසිය ඉදිරිපිට අද (01) විරෝධතාවක් පැවැත්විණි.

මුතුකුමාරණ මහතා පෙරේදා (31) සුරියවැව හත්පෝරුව නිවසක කාන්තා ස්වයංරැකියා පුහුණු වැඩසටහනක් පිළිබදව දැණුම්වත් කිරීමේ අවස්ථාවකට සම්බන්ධ වී සිටියදී හත්පෝරුව  පොදු ජන පෙරමුණේ අපේක්ෂකයකු හා තවත් අයෙකු පැමිණ මන්ත්‍රීවරයා සමග බහින් බස් වී ඇති අතර එය ගැටුමක් බවට පත් වී තිබේ.

සුරියවැව පොලීසිය සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනා අද (01) පෙරවරුවේදී අත්අඩංගුවට ගෙන ඇඹිළිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.
 
විරෝධතාවය සුරියවැව පොලිස් ස්ථානය ඉදිරිපිටදි පැයක පමණ කාලයක් පැවැත්විණි.