මන්ත්‍රීගෙන් ප්‍රශ්න කරන්න යයි


පසුගිය ජනපතිවරණ සමයේ කොළොන්නාව කොටිකාවත්තේ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවට වෙඩි තැබූ මැරයනට වාහන සපයා ආධාර අනුබල දුන් බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගෙන් කොළඹ අපරාධ විමර්ශන ඒකකය ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතය.

පොලිස් අධිකාරී මෙවන් සිල්වා මෙම පරීක්ෂණය මෙහෙයවයි.

වැලි ගොඩදමන්නන් පිරිසකගේ ප්‍රකශවලින් මන්ත්‍රීගැන කියැවිණැයි පොලිස් ආරංචි කියයි.