මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි පුත්තලමේදී ගැටුමක


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

 පුත්තලම බස් නැවතුම්පොළට බස් රථ ඇතුළු කිරීමේදී අයකරන ගාස්තු වැඩි කිරීම සම්බන්ධව බස් රථ රියදුරන් මතු කර තිබූ විරෝධයට විසදුම් ලබා දීමට අද (02) පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා සහ මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ පුත්තලම ස්ථානාධිපතිවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවිය.
 
පුත්තලම නගර සභාව මගින් පාලනය වන පුත්තලම ප්‍රධාන බස් නැවතුම්පොළ තුළට 2019 ජනවාරි 1 දින සිට පෙර අයකළ රුපියල් 100 ක මුදලට තවත් රුපියල් 50 ක් එක් කර  අය කිරීමට සැරසීමත් සමඟ පෞද්ගලික සහ ලංගම බස් රථ සියල්ලම බස් නැවතුමෙන් පිට මාර්ගය දෙපස ගාල් කිරීම කටයුතු කර තිබිණි.

මේ හේතුවෙන්  මෙම ගැටළුකාරි තත්ත්වය මතුව තිබුණි.
 
පුත්තලම නගරාධිපතිවරයා  මේ සම්බන්ධව අදාළ පාර්ශ්ව සමඟ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණි.
 
ඒ සදහා පුත්තලම නගරාධිපතිවරයා, පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී  හෙක්ටර් අප්පුහාමි මහතා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. එච්. එම්. නවාවි මහතා සහ නාගරික මන්ත්‍රීවරු පිරිසක්ද එක්ව සිටියහ.
 
150ක මුදල රුපියල් 130 ක් ලෙස නියම කිරීමට සියලු පාර්ශ්වයන් එකඟතාවය පළකර තිබුණි.