මන්ත්‍රී වරප්‍රසාද කඩවී දැයි සොයන්න තීරණය කරයි


(ආරියරත්න රණබාහු)

බැඳුම්කර කොමිසමේ දී හෙළි වු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දුරකථන ඇමතුම් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ කිරිමෙන් ඔවුන්ගේ වරප්‍රසාද කඩවී ඇත්දැයි සොයා බැලීමට එම කරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද කමිටුවට යොමු කිරිමට තීරණය කළ බව කතානායක කරු ජයසුරිය මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඊට අමතරව ඉදිරි දින කිහිපයේ දී ඒ පිළිබඳව පක්ෂ නායක රැස්වීමේ දී සාකච්ඡා කිරිමට බලාපොරොත්තු වන බව කතානායකවරයා කීවේය.