මන්ත්‍රී රිෂාඩ්ගේ බිරිය ඇතුළු තුනක් අත්අඩංගුවට


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය,ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බාලවයස්කාර දැරියක මෙහෙකාර වෘත්තියේ යෙදවීම හා කෘරත්වයට පත් කළැයි කියන මන්ත්‍රී රිෂ්ඩ් බදියුඩීන්ගේ බිරිය ඇතුළු තුනක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත් අජිත් රෝහණ මහතා පවසයි.

අත්අඩංගුවට පත්වූ වන් අතර මන්ත්‍රී බිරියගේ 76 හැවිරිදි පියා සහ මියගිය බාලවයස්කාර දැරිය මෙහෙකාර වෘත්තියට යෙදවීමට තැරැව්කරුවකු ලෙස කටයුතු කළ ඩයගම 60 හැවිරිදි පුද්ගලයකු ද සිටින බව පොලිස් මධ්‍ය ප්‍රකාශකවරයා කීය. 

අත්අඩංගුවට ගත් පිරිස පැය 72ක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට නියමිතය.