(සුජිත් හේවාජුලිගේ)
කොළඹින් සුපිරි නිවාස දෙන බව පවසා කොළඹ දිස්ත්‍රික් (එජාප) පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමන් මහතාගේ නම විකුණමින් කෝටි ගණන් මුදල් වංචා කළ බව කියන පුද්ගලයෙක් කෙසෙල්වත්ත පොලිසිය විසින් අද (11) උදේ අත්අඬංගුවට ගනු ලැබීය.
මොහු අත්අඬංගුවට ගෙන ඇත්තේ මුජබර් රහුමන් මනිත්‍රීවරයා කළ පැමිණිල්ලක් පිළිබඳව විමර්ශන පැවැත්වීමෙන් පසුව යැයි කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
සැකකරු අලුත්කඩේ බණ්ඩාරනායක මාවතේ පදිංචිකරුවෙකි.
මොහු කලක් තිස්සේ මේ අයුරින් මුදල් වංචා කර ඇති බවටත් කෙසෙල්වත්ත ප්‍රදේශයේ පුද්ගලයන්ට පමණක් රුපියල් ලක්ෂ 50 කට වැඩි මුදලක් වංචා කර ඇති බවටත් විමර්ශනවලදී තොරතුරු හෙළවිඇතැයි පොලීසිය පවසයි.
මේ පිළිබඳව අප කළ විමසුමකදී කොළඹ දිස්ත්‍රික් (එජාප) පාර්ලිමේනතු මන්ත්‍රී මුජබර් රහුමන් මෙසේ පැවසීය.
“ගෙවල් දෙනවා කියලා මගේ නම විකුණමින් මුදල් එකුතු කරන පුද්ගලයෙක් ගැන මගේ ඡන්ද දායකයන්ගෙන් දැනගන්නට ලැබුණා. ඒ අනුව කෙසෙල්වත්ත පොලිසිට ගිහින් මේ ගැන පැමිණිලි කළා. මම දුන්නු තොරතුර උඩ සැකකරු අත්අඩංගුවට ගන්න පොලිසියට හැකිවුණා.‘‘ යැයි රහුමන් මහතා කීය.