(ඉන්දිකා රාමනායක)
ත්‍රිවිධ හමුදාවට 2018 වසරේ ආහාර ලබාදීමේ ටෙන්ඩරයේ සිදුව ඇති බව කියන අක‍්‍රමිකතා ඇතුළු සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනක් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර බුද්ධික පතිරණ මහතා මුල්‍ය අපරාධ කොට්ඨාසයට අද (9) පැමිණියේය.
මේ සම්බන්ධයෙන් කර තිබු පැමිණිලි වලට අදාලව ප‍්‍රකාශ ලබා ගැනීමට මෙම කැඳවීම සිදුකර ඇති අතර මුල්‍ය අපරාධ කොට්ඨාසය කළ දැනුම් දීමක් මත අද පෙරවරු 10.00 ට මන්ති‍්‍රවරයා එහි පැමිණ සිටි අතර තවත් ප‍්‍රකාශ සටහන් කරගනිමින් සිටියි.
ප‍්‍රකාශ ලබාදීමට පෙර මන්ති‍්‍රවරයා එහි පැමිණ සිටි මාධ්‍යවේදීන් අමතමින් මෙසේ පැවසීය.
පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය සම්බන්ධයේ බොහෝ දෙනාගේ මතවාදය වුයේ පසුගිය රජය සමයේ සිදුවු බරපතල මුල්‍ය අපරාධ සම්බන්ධයෙන් විමර්ශන කරන ආයතනයක් පමණයි කියලා. ප‍්‍රතිවිරුද්ධ දේශපාලනඥයින් අදහස් කරන්නේ වර්තමාන යහපාලන දේශපාලනය මතවාදයට එරෙහිව පරස්පර දේශපාලනය මත පලකරන අයගෙන් පළිගන්න, පාගන්න පවත්වන ආයතනයක් කියලා.
අපි කියනවා වර්තමාන ආණ්ඩුව යටතේ සිදුවු වංචා පිළිබඳ ද කිසිදු පැකිලීමක් නොමැතිව පරීක්ෂණ සිදුකරන්න කියලා. රජයෙන්, ජනාධිපතිවරයාගෙන්,අගමැතිවරයාගෙන්, ඇමැති මණ්ඩයෙන් නීතිය සාමය අමාත්‍යවරයාගෙන් පොලිස්පතිවරයාගෙන් අපි ඉල්ලා සිටින්නේ වර්තමාන රජයේ සමයේ විවිධ දේශපාලනඥයින්, නිලධාරීන් සිදුකර ඇති දුෂණ වංචා , හොර මගඩි වැඩ වලට එරෙහිව ද විධිමත් පරීක්ෂණයක් සිදුකර ඔවුන්ට උපරිම දඩුවම් ලබාදෙන්න කියලා.
අද මම මෙම ස්ථානයට පැමිණියේ ති‍්‍රවිධ හමුදාවට ආහාර ලබාදෙන ටෙන්ඩරයේ සිදුව ඇති බව කියන අක‍්‍රමිකතාවක් සහ රාජ්‍ය ආයතනයක් වන ජනවසමෙන් ති‍්‍රවිධ හමුදාවට තේ කොළ ලබාදෙන ටෙන්ඩරය අහිමිවීම ඇතුළු ප‍්‍රධාන කරුණු තුනක් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන්න.
ති‍්‍රවිධ හමුදාවට 2018 ආහාර සැපයීමේ බලවත් අක‍්‍රමිකතාවක් සිදුව තිබෙනවා. 2018 ටෙන්ඩරට මේ වනවිටත් සැපයුම්කරුවන්ට ලබාදෙන්න ආරක්ෂක අමාත්‍යාංශය නොහැකි වී තිබෙනවා. මේක ලැජ්ජාවට කරුණක්. 2017 ටෙන්ඩරට පදනම් කරගෙන තමයි අදටත් කි‍්‍රයාත්මක වෙන්නේ.
මෙම ටෙන්ඩරවලින් පාඩුව රුපියල් මිලියන 1500 ක පාඩුවක් සිදුව තිබෙනවා. ජනාධිපතිවරයා මෙම සිද්ධිය මම දැනුම් දුන් අවස්ථාවේ එතුමා මා ඉදිරියේ ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තාක්ෂණ කමිටුවේ සභාපති ට දුරකතනයෙන් කථා කළා.
එතුමා ඇඟ බේරාගත්තා මේ තාක්ෂණ කමිටුවට අයත් නැහැ මේක අයිති ටෙන්ඩර් කමිටුවට කියලා. ටෙන්ඩර් කමිටුවේ ලේකම් ආරක්ෂක ලෙක්ම්වරයාට කථා කළා. ආරක්ෂකම්වරයා මේ කිව්වේ අපි මේක අභියාචනා කමිටුවට මේක යොමුකරලා එම කමිටුවෙන් ලබාදෙන තීන්දුව අපි පිළිගන්නවා කියාලා.
ඡායාරුප - චතුර එස් කොඩිකාර