මන්ත්‍රී පිරිසක් විරෝධය පා නැගිට යති


මුදල් පනතක් ස්ථාවර නියෝගවලට පටහැනිව ඉදිරිපත් කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් අද (23) විරෝධය පෑම නිසා සභාව කල්තබා පක්ෂ නායක හමුවක්ද කැඳවිණි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ එම පනත විවාදයට ගන්නා ලෙසයි. ඡන්ද විමසීමක් නොඉල්ලන බවද ඔහු කීවේය.

පක්ෂ නායක හමුවේදී තීරණය වූයේ පනත විවාදයට ගැනීමටයි. ඒ සමගම එම තීන්දුව කතානායක කරු ජයසූරිය මහතා විසින් නිවේදනය කිරීමත් සමග මුලදී එයට විරුද්ධවූ දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, සරත් අමුණුගම මන්ත්‍රීවරුන් ඇතුළු 20 දෙනෙක් පමණ විරෝධය පාමින් සභා ගැබින් එළියට ගියහ.