දෙමළ ජාතික සන්ධානයේ ජෝශප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට නැගෙනහිර හිටපු මහ ඇමැති සිවනේසතුරෛයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මීට සුළු මොහොතකට පෙර රහස් පොලිසිය මගින් අත් අඩංගුවට ගත් බව පොලිස් ආරංචි කියයි.
2005 වසරේදී මඩකලපුව ශාන්ත මේරි දේවස්ථානයේ නත්තල් දේවමෙහෙයට සහභාගී වෙමින් සිටියදී පරරාජසිංහම්ට වෙඩි තබා ඝාතනය කර ඇතැයිද ඔහුගේ බිරිය ඇතුළු තවත් 8 දෙනකු වෙඩි වැදී තුවාල ලැබී යැයිද පොලිසිය කියයි.

