(ඩයනා උදයංගනී)
පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය අපේ‍්‍රල් මස මන්ත‍්‍රී වැටුප මහරගම අපේක්ෂා රෝහලට අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීම වෙනුවෙන් ක‍්‍රියාත්මක ‘ෆයිට් කැන්සර්’ ව්‍යාපෘතිය වෙත අද (17) පරිත්‍යාග කර තිබේ.
තමන් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් තම මසක වැටුප පරිත්‍යාග කළ බව නාමල් රාජපක්‍ෂ මන්ත‍්‍රීවරයා සිය ට්විටර් ගිණුමෙහි සඳහන් කර තිබූ අතර එහි රිසිට් පතෙහි ඡායාරූපයක් ද ඔහු පළ කර තිබිණි.
මහරගම අපේක්ෂා රෝහලට පෙට් ස්කෑනර් යන්ත‍්‍රයක් ලබාගැනීම වෙනුවෙන් වූ ව්‍යාපෘතිය ආරම්භ කළ එම්.එස්.එච් මොහොමඩ් මහතාගේ සභාපතීත්වයෙන් ක‍්‍රියාත්මක ‘ෆයිට් කැන්සර්’ ව්‍යාපෘතියෙහි අරමුණ වී ඇත්තේ එයට අවශ්‍ය ටොමෝතෙරපි සහ ලීනියර් ඇක්සලරේටර් යන යන්ත‍්‍ර දෙකක් ලබාගැනීම වන අතර ඒ වෙනුවෙන් රුපියල් බිලියනයක මුදලක් අවශ්‍ය වී තිබේ.
සිය පුතු පිළිකා රෝගයෙන් පීඩා විඳී සමයේ දී මොහොමඩ් මහතා විසින් අපේක්‍ෂා රෝහලට පෙට් ස්කෑනරයක් ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබුවේ එම රෝගී පුතුගේ ඉල්ලීමක් අනුවය. ඒ අනුව රෝහලට පෙට් ස්කෑනරය ලබාදෙන විට ඔහුගේ පුතු පිළිකා රෝගයෙන්ම මියගොස් තිබිණි.
වර්තමානයේදී ඔහු ආරම්භ කර ඇති ‘ෆයිට් කැන්සර්’ අරමුදලට දායකවීමට කැමති පරිත්‍යාගශීලීන් වේ නම් එම ආධාර ලංකා බැංකුව, මහරගම ශාඛාවේ ‘මහරගම පිළිකා රෝහල’ නමින් විවෘත කර ඇති 71275069 දරණ ගිණුමට බැර කළ හැක.


