මන්ත්‍රී නම් ගැසට් පත්‍රය අද රෑට : ජාතික මන්ත්‍රී නම් පසුව


පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ දෙපාර්තමේන්තුව පවසයි.

මැතිවරණ කොමසාරිස්වරයා එම නිවේදනය නිකුත් කිරීමට නියමිත අතර ඊට අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලයට අද (20) යොමු කෙරෙන බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.කෙසේ වෙතත් ජාතික ලැයිස්තුවෙන් පත් කරන නියෝජිතයන්ගේ නම් ඉදිරි දිනකදී  ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත යැයිද පැවසේ.

රජයක් පිහිටුවීම සඳහා වන මූලික ක්‍රියාමාර්ගය ගැනෙනුයේ ජයග්‍රහණය කළ මන්ත්‍රීවරු 196 දෙනාගේත් ජාතික ලැයිස්තුවෙන් පත්කරන මන්ත්‍රීන් 26 දෙනාගේත් නම් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් ගැසට් කිරීමෙන් අනතුරුවය. නව ඇමැති මණ්ඩලය තෝරාගැනීම සිදුවනුයේද ඉන් අනතුරුවය.