(නිමන්ති රණසිංහ)
ත්‍රස්තවාදය යළි නඟා සිටුවිය යුතු යැයි ප්‍රකාශයක් කළ පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් මහත්මියට එරෙහි නඩුවේ නීතීපති උපදෙස් සඳහා යළි සිහි කැඳවීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නිකුත් කළාය.
මෙම සිද්ධියට අදාළව නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නැති බවට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය අධිකරණයට කළ දැනුම්දීමට අනුව මෙම නියෝගය නිකුත් විය.
මෙම සිදුධියට චූදිත වු විජයකලා මහේෂ්වරන් මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටි අතර නඩුව යළි කැඳවීම ජුලි 26 තෙක් කල් තැබිණි.

