මන් මෝහන් සිං ඉල්ලා අස්වෙයි


ඉන්දියාවේ නව අගමැති භාරතීය ජනතා පක්ෂයේ නායක නරේන්ද්‍ර මෝඩිට එම පදවියේ දිවුරුම් දීමට ඉඩ සලසමින් ඉන්දියාවේ අගමැති මන් මෝහන් සිං  ඉන්දියාවේ ජනාධිපතිට  අස්වීමේ ලිපිය බාර දුන්නේය.  ඊට පෙර ඔහු මෝඩිට දුරකතනයෙන් කතාකර ජයග්‍රහණය ගැන සිය සුභපැතුම් එක් කළේය. මැතිවරණ පරාජය පිළිගන්නා බව කොංග්‍රස් නායිකා සෝනිය ගාන්ධි සහ පුත් රාහුල් ගාන්ධි පැවැසූහ. මෝඩිගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ඉන්දියාවේ සැණකෙළි ස්වරූපයක් ගෙන ඇති.