(ජයන්ත සමරකෝන්)
මාකදුරේ මධුගේ ඩුබායිහි පැවැති සාදයේදී අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයගේ වැඩ තහනම් කළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජේ.එම්.ජේ.ඩබ්ලිව් තෙන්නකොන් මහතා පැවසීය.
ඔහු අද ඩුබායි රටින් පිටුවහල් කිරීමෙන් අනතුරුව ලංකාවට පැමිණි විටදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත්තේය.
එම සිදු වීම සම්බන්ධයෙන් මේ මොහොතේද ඔහුගෙන් ප්‍රශ්න කරමින් පවතී.
ඔහු කළුතර බන්ධනාගරයේ රාජකාරී කරමින් සිටියදී රිය අනතුරකකට ලක්ව වෛද්‍ය නිවාඩු මත නිවසේ ගත කරමින් සිටින කාලයේදී මෙලෙස විදේශ ගත වී මධුෂ් සමඟ සාදයට සහභාගී වී තිබේ.
මේ පිළිබඳව තොරතුරු ලැබුණු ඔහු ඒ වන විට සේවය කළ කලුතර බන්ධනාගාරය විසින් බන්ධනාගාර මූලස්ථානයට පැමිණිල්ලක්ද සිදු කර ඒ පිළිබඳ පරීක්ෂණ පැවතෙමින් තිබී ඇත.
කළුතර බන්ධනාගාරයට යාමට පෙර ඔහු වැලිකඩ බන්ධනාගාරයේ බුද්ධි අංශට අනියුක්තව රාජකාරී කළ අයෙකි.
සමයං නැමැති පාතාල නායකයා කලුතර බන්ධනාගාරයේ සිට අධිකරණයට රැගෙන යද්දී ඔහුගේ විරුද්ධවාදීන් වෙත ඔවුන් පැමිණෙන වේලාව දැනුම් දී තිබුණේ ඔහු විසින් බවට තොරතුරු අනාවරණය වී තිබු බවද පොලීසිය පවසයි.

