
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මාකඳුරේ මධූෂ්ගේ ප්‍රධාන ගෝලයෙකු වන ‘පාදාගොඩ බුසියා‘ නමැත්තා රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනා මත්කුඩු සමඟ අලුත්ගම පාදාගොඩ ප්‍රදේශයේදී අද (23) අත්අඩංගුවට ගත්බව පොලිසිය පැවසීය.
සැකකරු සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 20 ක් හා ජංගම දුරකථන හතරක් පොලිස් බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර දින 90 කාලයක් රඳවා ගැනීමේ නියෝග ලබාගෙන ප්‍රශ්න කරන බව කළුතර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න මහතා පැවසීය.

