(ටී.කේ.ජී.කපිල)
මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන සිටි තවත් දෙදෙනෙක් එරටින් පිහිටුවහල් කරනු ලැබ අද අලුයම කටුනායක ගුවන් තොටුපොළින් ශ් රීලංකාවට පැමිණියහ.
අද අලුයම 5.04 ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි මේ දෙදෙනා වන්නේ මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසර් සහ මොහොමඩ් ජබීර් මොහොමඩ් මුෆා ය.
මොවුන් දෙදෙනා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසු ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් බාර ගනු ලැබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ ජාතික බුද්ධි තොරතුරු ඒකකයේ නිලධාරීන් වෙත වැඩිදුර විමර්ශන කටයුතු සදහා බාර දී තිබේ.



