( නිමන්ති රණසිංහ සහ ටී.කේ.ජී.කපිල )
පාතාල කල්ලි නායක මාකදුරේ මධුෂ්ගේ ඩුබායිහි පැවැත්වූ සාදයකට සහභාගී වී සිටියදී අත්අඩංගුවට ගත් පාතාලයට සම්බන්ධ තවත් පුද්ගලයින් දෙදෙනකු අද (02) උදෑසන කටුනායක ගුවන්තොටුපොලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
බුඩායි පොලීසිය මගින් අත්අඩංගුවට ගත් මොහොමඩ් සිද්ධික් මොහොමඩ් සියාම් නැමැත්තෙක් හා වීරසිංහ ලංකා සජිත් පෙරේරා නම් දෙදෙනා ඊයේ රාත්‍රීයේදී එරටින් පිටුවහල් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණි පසු මෙලෙස රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අනතුරුව ඔවුන් ගුවන්තොටුපොල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් බාරයට ගෙන ඇත.
මොවුන් දෙදෙනා අද අලුයම 4.50 ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ රාජ්‍ය බුද්ධි තොරතුරු සේවයේ නිලධාරීන්ට වැඩිදුර විමර්ශන කටයුතු සදහා භාර දී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් අරඹා තිබේ.

