මධුමාධව උසාවි යයි ?


බස්නාහිර පළාත් සභාවේ හිස්වූ මන්ත්‍රී පුරප්පාඩු දෙකෙන් එකකට තමන් පත් නොකිරීම පිළිඹඳව නඩු පැවැරීමට බලාපොරොත්තු වන බව මධුමාධව අරවින්ද පවසයි.

පෝස්ටරයක් පවා නොගසා මැතිවරණ නීතිවලට එකඟව කටයුතු කරමින් ලබාගත් පිරිසිදු ජනතා මනාපවලට සන්ධාන බළධාරීන් පයින් ගසා ඇති හෙයින් තමන්ට මනාප 27747 ක් ලබාදුන් ගම්පහ ජනතාව වෙනුවෙන් අධිකරණ ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කළ බවද හෙතෙම සඳහන් කළේය.