(රංජිත් රාජපක්ෂ)
මධ්‍යම පළාතේ සියලුම සුරාසැල් අද (14) සිට තාවකාලිකව වසා දැමීමට පියවරගෙන තිබේ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රි ගුණරත්න මහතාගේ උපදෙස් මත මෙලෙස ක්‍රියා කළ බව හැටන් සුරාබදු අධිකාරියේ නිලධාරියෙක් පැවසීය.
අද (14) උදැසන සිට විවෘත කර තිබූ සුරාසැල් අද පස්වරු 2 වනවිට වසා දැමීමට මත්පැන්සැල් අයිතිකරුවන් කටයුතු කර ඇත.
මෙම සුරාසැල් නැවත විවෘතකරන දිනයක් තවම ප්‍රකාශයට පත් කර නොමැත.

