(මොහොමඩ් ආසික්)
සෞඛ්‍ය අමාත්‍ය සහ සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පසුගියදා යුද සැමරුම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට විරෝධය දක්වමින් මධ්‍යම පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් අද (22) පළාත් සභා රැස්වීමට බෙල්ලේ කළු පටි පැළද සභා ගැබට පැමිණ නිහඬ විරෝධතාවයක නිරත වූහ. මෙහිදී ඔවුහූ පහන් දැල්වීමක්ද සිදු කළහ.
පළාත් සභා මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා එහිදි මෙසේ පැවසීය.
තිස් වසරක් තිස්සේ පැවැති යුද්ධය හේතුවෙන් මේ රටේ දේශපාලන නායකයින්, මහා සංඝරත්නය සහ සාමාන්‍ය ජනතාව විශාල ප්‍රමාණයක් ඝාතනයට ලක් වුණා.
ශ්‍රී දළදා මාළිගාව, ජයශ්‍රී මහා බෝධිය, වැනි පූජනීය ස්ථාන ලෙයින් තෙත් කළා. ඒ සියල්ල අවසන් කළ දිනයයි මැයි 18 වනදා එදින ජාතික රණවිරු සැමරුම් දිනයයි.
නමුත් ඇතැම් දේශපාලඥයින් ඒ සැමරුම ප්‍රතික්ෂේප කරනවා ඒ නිසයි අපි මේ ආකාරයට සැමරුමක් සිදු කරන්නේ යැයි කීය.
මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරු කළු පටි පැළද නිහඬ විරෝධතාවයක
Recommended Articles