මධ්‍යම පළාත් ඇමැති ඇතුළු සිව් දෙනාට ඇප


රංජිත් රාජපක්ෂ
 
පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති සහ මධ්‍යම පළාත් අමාත්‍ය එම් රාමේෂ්වරන් මහතා ඇතුළු සිව් දෙනෙකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස හැටන් මහේස්ත්‍රාත් එස් සරවනරාජා මහතා නියෝග කළේය.
 
වෙල්ලයාන් දිනේෂ්, එම් පිච්චමුර්තු සහ එස් බාස්කරන් එලෙස ඇප නියම වූ සෙසු තිදෙනාය.
 
ඇමැති පලනි දිගම්බරන් මහතා නායකත්වය දරන කම්කරු ජාතික පෙරමුණේ ආධාරකරුවකුට මස්කෙළිය ගවරවිල වතුයායේ අවමංගල්‍යයකදී පහර දුන්නේයැයි ඔවුන්ට එරෙහිව පැමිණිලි ලැබී තිබිණි.