තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ ක‍්‍රීඩා අංශයේ සංවිධානයෙන් මහනුවර බෝගම්බර ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන ‘කාල්ටන්’සුපර් සත් සාමාජික රග්බි තරගාවලියේ (2011) පළමු අදියරේ දෙවැනි සහ අවසන් දිනය වන අද (30) පළමු අදියරේ අවසන් මහා තරගයට මධ්‍යම කිංග්ස් පිල සහ දකුණ ශාර්ක්ස් පිල සුදුසුකම් ලැබීය.
අවසන් පූර්ව තරගවලදී මධ්‍යම කිංග්ස් පිල විසින් ලකුණු 24-5 කින් නැගෙනහිර ඊගල්ස් පිල ද, දකුණ ශර්ක්ස් පිල විසින් ලකණු 19-14 කින් ඌව විපයිස් පිල ද, පරාජය කරන ලදී.
මධ්‍යම කිංග්ස් පිලේ නායකයා ලෙස ශ‍්‍රී ලංකා අංක 1 ෆ්ලයි හාෆ් ක‍්‍රීඩක ෆාසිල් මරීජා ද, දකුණ ශර්කස් පිලේ නායකයා ලෙස ශ‍්‍රී ලංකා පිලේ හිටපු සෙන්ටර් ක‍්‍රීඩක අම්ජාඞ් බක්ස් ද කටයුතු කරති.
තරගාවලියේ දෙවැනි අදියර නොවැම්බර් මස 5 සහ 6 දෙදින කොළඹ රාජකීය විදුහල් රග්බි ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
දෙවැනි දිනයේ තරග ප‍්‍රතිඵල
අවසන් පූර්ව තරග
මධ්‍යම කිංග්ස් පිල විසින් නැගෙනහිර ඊගල්ස් පිල පරාජය කරන ලදී (24-5)
දකුණ ශර්ක්ස් පිල විසින් ඌව විපයිස් පිල පරාජය කරන ලදී (19-14)
කාණ්ඩ තරග ප‍්‍රතිඵල
වයඹ බ්ලැක්ස් පිල විසින් උතුරු මැද ට්‍රොප්හොන්ස් පිල පරාජය කරන ලදී (26-12)
බස්නාහිර වෝරියස් පිල විසින් උතුර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදී (26-7)
යාපනය චැලෙන්ජර්ස් පිල විසින් උතුරු මැද ට්‍රොප්හොන්ස් පිල පරාජය කරන ලදී (31-7)
සබරගමුව ස්ටැලියන්ස් පිල විසින් බස්නාහිර වෝරියස් පිල පරාජය කරන ලදී (47-21)
කාණ්ඩගත කිරීමේ තරග
මධ්‍යම කිංග්ස් පිල විසින් වයඹ බ්ලැක්ස් පිල පරාජය කරන ලදී (21-19)
නැගෙනහිර ඊගලස් පිල විසින් උතුර ග්ලැඞ්යේටර්ස් පිල පරාජය කරන ලදී (24-14)
ඌව විපයිස් පිල විිසින් යාපනය චැලෙන්ජර්ස් පිල පරාජය කරන ලදී (24-19)
දකුණ ශාර්ක්ස් පිල විසින් සබරගමුව ස්ටැලියන්ස් පිල පරාජය කරන ලදී (26-10)
ඡායාරූපය: ශාන්ත රත්නායක