විනීතා එම් ගමගේ සහ ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හෙට (8) රැස්වූ විට ඉදිරි මැතිවරණ පැරණි ක‍්‍රමයට තැබිය යුතුද? නොඑසේ නම් අලූත් ක‍්‍රමයට තැබිය යුතු ද යන්න පිළිබඳ පක්ෂයේ මතය පිළිබඳ තීරණයකට පැමිණෙනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් නව ක‍්‍රමය යටතේ මැතිවරණ තැබිය යුතු බව පවසන අතර තවත් කොටසක් පැරණි ක‍්‍රමය යටතේ මැතිවරණය පැවැත්විය යුතු බව පවසන්නේ යැයි කී බණ්ඩාර මහතා මෙම මත දෙක දරණ පිරිස් එක්ව එක් මතයකට පැමිණීම මෙම මධ්‍යම කාරක සභා රැස්වීමේ දී සිදුවනු ඇතැයි ද කීය.
කෙසේ වෙතත් නව මැතිවරණ ක‍්‍රමයක් පාර්ලිමේන්තුවෙන් සම්මත කර ඇති බැවින් ඉදිරි පළාත් සභා මැතිවරණය පැරණි ක‍්‍රමයට පවත්වන්නේ නම් ඒ පිළිබඳව යළි පාර්ලිමේන්තුවේ දී එකඟතාවකට පැමිණිය යුතු යැයි ද හෙතෙම සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ, පක්ෂ්‍ය එකඟතාවකට පැමිණෙන මතය පිළිගැනීමට සුදානම් බව ද ශාන්ත බණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේය.
ශාන්ත බණ්ඩාර මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද (7) පැවැති ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණේ මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.


