මධ්‍යම කඳුකරයට යළිත් තද වැසි



 
 
රංජිත් රාජපක්ෂ
                         
 
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (2) රාත්‍රීයේ සිට කඩින් තද වැසි ලැබෙමින් පවතී.


අධික වර්ෂාවත් සමඟම ගිනිගත්හේන නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ දියගල මල්ලිකාව ප්‍රදේශයේ දී ප්‍රධාන මාර්ගයට කඳු මුදුනේ සිට විශාල ගලක් පෙරලී එමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද (3) අලුයම 2 සිට තාවකාලිකව ඇණ හිට ඇති අතර, ත්‍රීරෝද රථ සහ යතුරුපැදි පමණක් එම මාර්ගයේ ගමන් කළ හැකි බව නෝටන්බ්‍රිජ් පොලිසිය පවසයි.


ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු ගල ඉවත් කිරිමට කටයුතු කරන බවද නෝටන්බ්‍රිජ් පොලිසිය කියයි.


පවතින අධික වර්ෂාවත් සමඟ ප්‍රදේශය පුරා ඝණ මීදුම් තත්ත්වයක් හා අධික සුළං තත්ත්වයක් පවතී.


මධ්‍යම කඳුකරයේ හැටන් නුවරඑළිය, හැටන් බලංගොඩ , හැටන් කොළඹ යන මාර්ගවල වාහන ධාවනය කිරිමේදී සැළකිලිමත් වන ලෙසත් එම මාර්ගයන්වල සෙමින් රිය ධාවනය කරවන ලෙසත් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.