මධ්‍යම කඳුකරයට යළිත් තද වැසි ගමනාගමනයට බාධා



 
 
රංජිත් රාජපක්ෂ                        

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට අද (7) පස්වරුවේ සිට යළිත් තද වැසි ලැබෙමින් පවතී.


අධික වර්ෂාවත් සමඟම හැටන් නගරයේ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම ජලයෙන් යටවීම නිසා රථවාහන ගමනාගමනයට බාධා ඇති වී තිබේ.


අධික වර්ෂාවත් සමඟම ලක්ෂපාන ජලාශයේ එක් වාන් දොරටු දෙකක් විවෘත කර ඇති අතර විමලසුරේන්ද්‍ර ජලාශය තවදුරටත්  වාන් දමමින් පවති.


අධික වර්ෂාවත් සමඟම කාසල්රි සහ මවුස්සාකැලේ ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී තිබේ.


පවතින වර්ෂාවත් සමඟ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේත් ස්ථාන කිහිපයකම ප්‍රධාන මාර්ගයට පස් කඳු කඩා වැටිමේ අවදානමක් පවතින නිසා එම මාර්ගවල රථ  වාහන ධාවනය කිරිමේදී සැළකිලිමත් වන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.