
(යොහාන් භාසුර)
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ ඉදිකිරීම් කඩිනම් කරන්නැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා උපදෙස් දුන්නේය.
කඩවත සිට මීරිගම දක්වා වන කොටස හැකි ඉක්මණින් ජනතා අයිතියට පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලාපොරොත්තු වන බවත් නියමිත දිනට වැඩ අවසන් කිරිම සඳහා දැන් සිටම සැලසුම් කළ යුතු බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ඉදිකිරීම්වල ප්‍රමාදයක් පවතින්නේ නම් රාත්‍රී ද වැඩකර නියමිත දිනට වැඩ අවසන් කිරිමට සැලසුම් සකස් කළයුතු බවත් එසේ නොවුණ හොත් අවසන් කාලය වන විට වැඩ නිම කිරීමට නොහැකි තත්වයක් ඇති විය හැකි බවත් අමාත්‍යවරයා කීය.

