මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර සඳහා එක්සත් ජනපද ඩොලර් බිලියනක ණය මුදලක් ලබාදීමට චීන රජය එකඟත්වය පළ කර ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂියුවාන් මහතා අද (14) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙමින් ඒ බව දැනුම් දී ඇතැයි ද අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වේ.
චීනයේ ‘එක්සිම්’ බැංකුව මගින් අදාළ ණය මුදල ලබාදෙන අතර ඒ සඳහා අදාළ නෛතික හා පරිපාලන කටයුතු කඩිනම් කරන්නැයි ද චීන තානාපතිවරයා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇතැයි එහි සඳහන් වේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂියුවාන් මහතා අතර හමුවේදී හම්බන්තොට වරාය සහ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබේ.
මෙහිදි ශ්‍රී ලංකාව සහ චීනය අතර අත්සන් කිරීමට නියමිත නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ කටයුතු කඩිනම් කරන්නැයි ද චීන තානාපතිවරයා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.
055