මදුරන්කුලියේ බස් අනතුරකින් තිදෙනෙක් රෝහලේ


 (හිරාන් ප්‍රියංකර ජයසිංහ )


පුත්තලම මදුරන්කුලිය මංසන්දියට නුදුරින් අද ( 20) දි උදෑසන සිදුවු රිය අනතුරකින් තිදෙනෙකු  තුවාල ලබා පුත්තලම මුලික රෝහලට ඇතුළත් කර ඇති බව මුන්දලම පොලිසිය පවසයි.


 අනුරාධපුර සිට කොළඹ බලා ගමන් ගනිමන් තිබු පුද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් මදුරන්කුලිය නගරයට ආසන්නයේදි ත්‍රි රෝද රථයක් ඉස්සර කිරීමට යාමේදී  මෙම අනතුර සිදු වී තිබේ.


 අනතුරින් බස් රථයේ ගමන් ගත් මගීන් කිසිවකුටත් බරපතල තුවාල නෙමැති බවත් ඔවුන් සුළු තුවාල ලබා තිබු ඇති බවද ත්‍රි රෝද රථයේ ගමන් ගත් එකම පවුලේ මව පියා සහ දරුවෙකු තුවාල ලබා තිබු අතර එයින් පියාගේ තත්වය බරපතල බව පොලීසිය පවසයි.


 පෙරළි ගොස් තිබු බස් රථයේ ගමන් ගත් මගීන් බස් රථය ඇතුලේ සිරවි සිටියදි ප්‍රදේශවාසින් එක්ව පිටතට ගැනිම සිදුව තිබුණි. 

ඡායාරූප හා විඩියෝ - රොවන් පෙරේරා