මද කිපුණු ඇතාගේ දම්වැල ගලවන්න හදලා


මද කිපීම නිසා තම ‘සීදේවි‘ ඇතින්න පන්සලට මීටර 300ක් ඈතින් පොල්වත්තක බැඳ දමා සිටිය දී ඇතින්න හා තමා මරණයට පත් කිරීමේ කුමන්ත්‍රණයක් අනුව ඇතින්නගේ දම්වැලක් ගලවන්නට ගත් උත්සාහයක් ගැන පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ කොළොන්නාවේ සුමංගල හිමියන් මහරගම පොලිසියට පැමිණිලි කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් කියයි.

දම්වැල ගලවන්නට ආ පුද්ගලයාගේ සෙරප්පු දෙකක් එහි තිබී ඇතැයි එම සෙරප්පුද පොලිසියට ඉදිරිපත් කරමින් පැමිණිල්ල කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුමංගල හිමියන් පවසා ඇත්තේ ඇතින්නද මරා තමා ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බවයි.

පන්සලේ දියුණුව ගැන වෛරයෙන් පසුවන පිරිසක් මේ කුමන්ත්‍රණය පිටුපස සිටින බව ද ඒ හිමියන්ගේ පැමිණිල්ලේ දැක්වේ.