මතුගම ප‍්‍රා. සභාව ගිනි ගනී


මතුගම ප‍්‍රාදේශීය සභා දෙමහල් ගොඩනැගිල්ලේ මීට ස්වල්ප වේලාවකට පෙර හදිසි ගින්නක් හටගත් බව මතුගම පොලිසිය කියයි. ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිල කාමරයේ මෙම ගින්න හටගත් බව පොලිසිය කියයි. කළුතර නගර සභාවේ ගිනි නිවන ඒකකය ගින්න නිවා දැමීමේ කාර්යයේ නියැලෙන බව එහි සභාපති එල්.ජී. ලියනාරච්චි මහතා මීට ස්වල්ප වේලාවකට පෙර පැවැසීය.