මත්වෙන පැණි බීම හා බබල්ගම් කඩුගන්නාවේ


පාසල් ලමුන් සඳහා බෙදාහැරීමට ගෙනා බවට සැකකරන කෝලා පැණිබීම බෝතල් හා බබල්ගම් අඩංගු කුඩා බෝතල් කඩුගන්නාව වෙළඳසළකින් අද (05) දහවල් කළ වැටලීමකදී පොලිස්  භාරයට ගත් බව කඩුගන්නාව පොලිසිය පවසයි.

මෙම බීම බෝතල් හා බබල්ගම් පාසල් දරුවන්ට විකුණන බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත පොලිස් දූෂණ මර්දන ඒකකයේ පොලිස් නිලධාරීන් වෙළඳසළ පරික්ෂා කිරීමේදී බීම බෝතල් 101 ක් සොයාගෙන ඇති බවත් එහි හිමිකරු අත් අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.

vlcsnap-2015-08-05-05h45m17s241 vlcsnap-2015-08-05-05h46m41s90