පාසල් ළමුන් සදහා බෙදාහරින ස්ප්‍රයිටි ස්ප්‍රේ සහ කෝලා ස්ප්‍රේ නමැති පැණි රස කාරක බීම බෝතල් මහනුවර පාරිභෝගික අධිකාරිය සමග කළ වැටලීමකදී පිළිමතලාව වෙළඳසළකින් සොයාගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
මෙම බීම වර්ගය පාසල් දරුවන්ට විකුණන බවට ලැබුණු තොරතුරක් මත එම වෙළඳසළ වටලා ඇතැයිද එහි මත්වන ස්වභාවයක් ඇතැයි සැක සහිත බීම බෝතල් 58 ක් සමග වෙළඳසලේ සේවකයෙකු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මේවායේ නිෂ්පාදිත ආයතනයක් හෝ අඩංගු ද්‍රව්‍ය මොනවාදැයි සඳහනක් නැති බවත් රජයේ රසපරික්ෂක වෙත යොමු කර වාර්තාවක් ලබාගැනීමට නියමිත බවත් පොලිසිය කියයි. මෙම පැණි බීම මහනුවර, වත්තේගම, කටුගස්තොට, මඩවල ප්‍රදේශ වල අලවි කරන බවට පැමිණිලි ලැබි ඇති බවත් එවැනි ස්ථාන ඇත්නම් පොලිසියට හෝ පාරිභෝගික අධිකාරියේ දුරකථන අංක 0817755455 ට හෝ හදිසි ඇමතුම් අංක 1977 ට දැනුම් දෙන ලෙසද පොලිසිය ඉල්ලයි.





