(ඉන්දිකා රාමනායක)
හෙරොයින් මත්කුඩු වෙනුවට මත් ලෝලීන් භාවිතා කරන මත්පෙති තොග වශයෙන් අලෙවි කරන ජාවාරම්කරුවකු මත්පෙති 1475 ක තොගයක් සමඟ කොලොන්නාව සිංහපුර දී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබු බව පොලිස් මුලස්ථානය කියයි.
එම මත්පෙති තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 21 ට අධික බවද පොලිසිය කියයි. සැකකරු මත්පෙති තොගය ගමන් මල්ලක අසුරා අලෙවි කිරීම සදහා රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

