(දයාරත්න ඇඹෝගම)
මත්වීම සඳහා තරුණ පිරිස් භාවිතා කරන ඇපල් පෙති නොහොත් 225 වර්ගයේ ටැමඩෝල් පෙති 600 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අද (19) රැජින හන්දිය අසලදී අත්අඩංගුවට ගත් බව තඹුත්තේගම පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කැකිරාවේ සහ බදුල්ලේ පදිංචි 27 සහ 33 වැනි වියේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.
මෙම සැකකරුවන් දෙදෙනා රැජින හන්දිය අසල තාවකාලිකව කඩ කාමරයක ඇදුම් මැදිමේ නිරතවන වන බව පොලිසිය සඳහන් කරයි.
ඇඳුම් මැසීමේ රාජකාරියට අමතරව සැකකරුවන් මත්ද්‍රව්‍ය දුර පළාත් වලින් ගෙන්වා ගෙන ප්‍රදේශයේ තරුණයන්ට අලෙවි කිරිමේ ජාවාරමකද නිරත වන බව පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමේදී සැකකරුවන් මෙම ඇපල් පෙති සමඟ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.
සැකකරැවන් අද (19) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.