(ඉන්දිකා රාමනායක)
නීරෝධායන නීති උල්ලංඝණය කරමින් රාජගිරිය නගරයේ නවාතැන් පොළක මත්පැන් සහ මත්ද්‍රව්‍ය සාදයක පැවැත් වූ කාන්තාවන් දෙදෙනකු ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගත්බව කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය පොලිසිය කියයි.
මෙම පිරිස මෙම සාදය සංවිධානය කළ බව කියන "කිරිවත්තුඩුව අසංක" නැමැති අපරාධකරු ද සිටින බවත් ඔහු අපරාධ සම්බන්ධයෙන් වරෙන්තු තුනක් ලැබ සිටින පුද්ගලයකු බවත් පොලිසිය පවසයි.
කිසියම් පිරිසක් මෙම ස්ථානයේ පෙරේදා රාත්‍රියේ සිට අද (16) දහවල් දක්වා සාදයක් පවත්වමින් සිටින බවට කොළඹ දකුණ අපරාධ කොට්ඨාශයට ලැබුණු තොරතුරක් අනුව පොලිසිය මෙම වැටලීම සිදුකර තිබිණි.
සැකකරුවන් සමග සිටි සැකකාරියන් දෙදෙනා ගාල්ල සහ මතුගම යන ප්‍රදේශවල පදිංචිකාරියක් බවත් මොවුන් සම්බාහන මධ්‍යස්ථානය වල සේවය කරන සේවිකාවන් බවද එම නිලධාරියා කීය.
අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් පස්දෙනා අතර මෙම ලැගුම්හල බාරව කටයුතු කරන පුද්ගලයා ද සිටින බව පොලිසිය කියා සිටී.
මෙම ස්ථානය පරීක්ෂා කිරීමේදී ප්‍රධාන සැකකරු සතුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් පහක ප්‍රමාණයක් සහ මත්පැන් බෝතල් රැසක් තිබූ බවද පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් සියලු දෙනාම කොළඹන් පිට ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලිසිය පවසයි.
නිරෝදායන නීතිය උල්ලංඝනය කරමින් සාදයක් පැවැත්වීමට ස්ථානය ලබා දී ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් මෙම නවාතැන් පොලේ හිමිකරුට එරෙහිවද නිතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය කියයි.

