( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
කාන්තාවන්ට මත්පැන් අලෙවිසල්වල සේවය කීරීම හා මිලදී ගැනීමට තිබු තහංචි ඉවත් කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නිකුත් කළ ගැසට් නිවේදන අවලංගු කිරීමට ගත් තීරණයෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි කියමින් කාන්තාව හා මාධ්‍ය සාමුහිකය ඇතුළු 15 ක් ගොනු කළ මූලික අයිතිවාසිකම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) තීන්දු කළේය.
අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් , බුවනෙක අළුවිහාරේ සහ විජිත් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැදවිණි.
ඒ අනුව මෙම පෙත්සම ලබන වසරේ පෙබරවාරි 6 වැනි දා සිට විභාගයට ගැනීමට දින නියම කරන ලදී.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මුදල් ඇමැති , මුදල් අමාත්‍යාංශ ලේකම් , නීතිපති ඇතුළු 50 ක් නම් කරනු ලැබ සිටිති.
2018 ජනවාරි 10 වැනිදා නිකුත් කළ 2 / 2018 දරණ සුරාබදු දැන්වීම අනුව ඇමැතිවරයාට හෝ අඅමාත්‍යාංශ ලේකම්ට කාන්තාවන්ට සුරාසල් වල සේවය කිරීම හෝ මත්පැන් මිළදී ගැනීම වළකාලීමට නීතිමය අයිතියක් නැති බව ප්‍රකාශ කරන්නැයි සිය පෙත්සමින් ඉල්ලා තිබිණි.