මත්පැන් බෝතල් 16 ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට


( පුෂ්පකුමාර ජයරත්න )

 
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේදී නීතිවිරෝධි ලෙස මත්පැන් ජාවාරමක නිරතවූ පුද්ගලයන් දෙදෙනෙකු සමඟ මත්පැන් බෝතල් 16 ක් අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය පැවසීය.
 
 වෙළදපොළ වටිනාකම රුපියල් 1400 ක් පමණ වන මෙම මත්පැන් බෝතලයක් රුපියල් 4000 ක මුදලකට විකුණා ඇති බව අනාවරණය වී ඇත .
 
 අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කුරුණෑගල වැහැර ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් බවත් මොවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත  බවත් පොලිසිය කීය.