මත්පැන් ගැසට්ටුව ගැන ස්වර්ණා මල්ලවආරච්චිත් උසාවි යයි


තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
 
කාන්තාවන්ට මත්පැන් අලෙවිහල්වල සේවය කිරීම හා මිලදී ගැනීමට තිබූ තහංචි ඉවත් තරමින්   නිකුත් කළ ගැසට් නිවේදන දෙක අවලංගු කිරීමට ගත් තිරණයෙන් සම අවස්ථා අයිතීන් උල්ලංඝණය වී ඇතැයි කියමින් ප‍්‍රවීන සිනමා නිළි ස්වර්ණා මල්ලවආරච්චි ඇතුළු තවත් කාන්තාවෝ 21 දෙනෙක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.
 
2018 ජනවාරි 10 වැනිදා නිකුත් කළ 2/2018 දරණ සුරාබදු දැන්වීම අනුව ඇමතිවරයාට හෝ අමාත්‍යංශ ලේකම්වරයාට කාන්තාවන්ට සුරාසැල් වල සේවය කිරීම හෝ මත්පැන් මිලඳී ගැනීම වලකාලීමට නීතිමය අයිතියක් නොමැති බවට ප‍්‍රකාශ කරන්නැයි  පෙත්සම්කාරියන් සිය පෙත්සමින් ඉල්ලා ඇත.
 
සාමජ ක‍්‍රියාකාරිණී සාවිත‍්‍රි රොද්‍රිගු ,ඩොරති බාබරා සෙනවිරත්න , කොලි මාරි ගේ‍්‍රස් ද සොයිසා , හිමාජා විජේනායක ,දිනාලි බණ්ඩාරනායක ,දිලක්ෂි මුණසිංහ , සබ්රිනා ක‍්‍රැමර් ,ශානා දන්දෙණිය , දිලූක්ෂි මාටිසන්ස් ,ටෙහානි මැතිව් ,ඈන් ද සිල්වා ,ශ්‍යාමලි ටෙරිස්ටා ෆොන්සේකා ,රානි රත්නායක , මිනෝලි සකුණිකා විජේතුංග , තිළණි අනූෂා ද සිල්වා සමරසිංහ , නිශ්රීන් ඊබ‍්‍රාහිම් ,ශංශියා දාබරේරා , ඩිල්හාරා නාලිනි ද අල්විස් ගුණවර්ධන ,ස්වර්ණා මල්ලවආරච්චි , චේතිකා හපුගල්ල සහ චම්පා රත්නසේන යන මහත්මීන් විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබ තිබේ.