මත්පැන් අලෙවිසල් රෑ 10වනතුරු විවෘතයි


වයින් ඇතුළු මත්පැන් අලෙවිසල් විවෘතව තබන වේලාව රාත්‍රී 10 දක්වා දීර්ඝ කර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.

විදේශ මත්පැන් අලෙවි කරන හෝටල් , රෙස්ටුරන්ට් බියර් අලෙවිසල් , සමාජ ශාලාවල මත්පැන් අලෙවිසල් පෙරවරු 11 සිට රාත්‍රි 10 දක්වා  විවෘතව තැබිය හැකිය.

රා තැබෑරුම් හල් පෙරවරු 11 සිට රාත්‍රි 9 දක්වා ද හෝටල් වල තිබෙන මත් පැන් අලෙවිසල්  පෙරවරු 11 සිට රාත්‍රි 12 දක්වාද සිනමා ශාලා වල තිබෙන මත්පැන් අලෙවිසල් පෙරවරු 11 සිට රාත්‍රි 10 දක්වා විවෘතව තැබිය හැකිය.